April 28, 2024

මුදල් අමාත්‍යාංශ ලේකම්ට බලය දුන්නේ ඇමති මණ්ඩලය - අනුර කුමාරගේ කතාවට ආණ්ඩුවෙන් පිළිතුරු

December 13, 2021

ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානයක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය කරුණු පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල බව සඳහන් කරමින් දැනට සමාජගත වී තිබෙන (New Fortress Energy) NFE සම්බන්ධ කරුණු කිහිපයක් පිලිබඳව පැහැදිලි කිරීමක් පහත දැක්වේ.

  1. කොටස් විකිණිමේ හා මිලදී ගැනීමේ ගිවිසුම (Share Sale and Purchase Agreement – SSPA) අත්සන් කර ඇත්තේ NFE නොවන වෙනත් සමාගමක් සමඟ යැයි පැවසීම.

2021 සැප්තැම්බර් මස 06 වන දීන මුදල් අමාත්‍යතුමා විසින් අත්සන් කර ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ NFE පලවන ඡේදයේ පැහැදිලිවම NFE යන්නෙන් අදහස් කරන්නේ NASDAQ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත NEW FORTRESS ENERGY Inc  හා එහි ආශ්‍රිත සමාගම් යැයි සඳහන් කර ඇත. එබැවින්, මෙම ගිවිසුම අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරා ඇත්තේ  NFE හා එහි ආශ්‍රිත සමාගම් සමඟය.

තවද, 2021 ජුලි මස 05 වන දින මුදල් ඇමතිතුමා අත්සක් කර ඉදිරිපත් කරන ලද NFE අමාත්‍ය මණ්ඩල සංදේශයේ ද ඇමුණුමක් ලෙස රාමුගත ගිවිසුම “Framework Agreement  අමුණා ඇති අතර එහි එක් පාර්ශ්වයක් වශයෙන් “NFE Sri Lanka Power Holding LLC” යන ආයතනය බව පැහැදිළිව සඳහන් කර ඇති අතර, එම රාමුගත ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම්ට අත්සන් කිරීමට බලය පවරත ලදදේ අමාත්‍ය මණ්ඩලය විසිනි. එසේ බලය පවරන ලද බැවින් මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් එය අත්සන් කර ඇත.

  1. මෙම ගිවිසුම වසර 02 ක කාලයකට ගිවිසුම ඇතුලත් වගන්ති ප්‍රසිද්ධ කිරීමට නොහැකි හා මෙවැනි වූ වගන්ති අස්වාභාවික යැයි කෙරෙන මතය.

SSPA ගිවිසුමේ 13.1 වගන්තියෙන් කියවෙන්නේ අනෙක් පාර්ශ්වයෙන් නොවිමසා රහස්‍ය හා සංවේදී තොරතුරු හෙළි නොකිරීම පමණි. එසේත් නැතිනම් මෙම කරුණු කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බව නොවේ. මෙය ද වාණිජමය වශයෙන් වැදගත් කරුණුවලට අදාළ වේ.

එමෙන්ම, ගරු අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හෙළි නොකරන ලද වැදගත් කරුණු වන්නේ, මෙම ගිවිසුමේ 13.2 වගන්තියෙන් අනෙක් පාර්ශ්වයෙන් නොවිමසා අවශ්‍ය වූ විට දෙපාර්ශ්වයටම අදාළ වන නීතිමය, නියාමනය හෝ පරිපාලන රාමුව හා එහි අවශ්‍යතාවය මත ඕනෑම කරුණක් අනෙක් පාර්ශ්වයෙන් නොවිමසා ප්‍රකාශ කළ හැකි බවය. මෙම ගිවිසුම 2021 දෙසැම්බර් 06 වන දින මුදල් ලේකම් NFE සම්බන්ධව පවතින නඩු සම්බන්ධව කරුණුවලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ගිවිසුම ලබා දෙන ලදි. එය ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ 2021 දෙසැම්බර් 10 දින ප්‍රකාශයට පත් කරන විටත් SSPA අමාත්‍ය මණ්ඩලයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර හමාරය.

තවද, ශ්‍රී ලංකා රජය වසර ගණනාවක සිට එළඹ ඇති වාණිජමය කරුණු සම්බන්ධ ගිවිසුම්වලින් මෙවැනි වූ හා මෙයට සමාන වගන්තිවලට එකඟ වී ඇත. උදාහරණයක් වශයෙන් දැනට ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) 1995 සිට පෞද්ගලික අංශයෙන් විදුලිබලය මිළදී ගැනීම සම්බන්ධ ගිවිසුම්වලද මෑතක දී අත්සන් කරන ලද ලංවිම හා සොබාදනවි ගිවිසුමෙහි ද මෙවැනි රහස්‍යභාවය පිළබඳව වගන්ති ඇතුළත් වී ඇත. තවද, වරාය සම්බන්ධ ගිවිසුම් එනම්, South Asia Gate Terminal (SSGT), CICT ගිවිසුම, බටහිර පර්යන්තය සම්බන්ධ ගිවිසුම , හම්බන්තොට වරාය සම්බන්ධ එවැනි වූ සෑම ගිවිසුමකටම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එබැවින්, මෙවැනි වූ රහස්‍යභාවය සම්බන්ධ කරුණු ශ්‍රී ලංකා රජය හෝ රාජ්‍ය ආයතන පාර්ශ්වයක් වූ ගිවිසුම්වල තිබෙන අතර, මෙම ගිවිසුමේ එවැනි වූ කරුණු තිබීම අසාමාන්‍ය හෝ අස්වාභාවික යැයි පැවසීම නිවැරදි නොවන අතර, එය ජනතාව නොමඟ යැවීමකි.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 13 December 2021 13:28