April 27, 2024

මම ජනපති වෙනවාද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය: අනුර කුමාර දිසානායක

තමා මේ රටේ ජනපති වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය මතය පළ කර තිබෙනවා.

අද තියෙන්නේ තමා ජනාපති වනවාද නැද්ද කියන පුද්ගලික කාරණය නොවන බවයි ජාතික ජන බලවේගයේද නායකයා වන දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

ජනතා ව්‍යාපාරය

තම ව්‍යාපාරය විසින් අති විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනගා ඇති බව පෙන්වා දෙන ඔහු ඒ හරහා රට ගොඩ ගන්නා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් කරන්නේ.

එය ජයග්‍රහණය කරවීම සිය එකම අරමුණ බව ඔහුගේ මතයයි.

මේ අවස්ථාවේ ආණ්ඩු විරෝධී සෑම විරෝධයකටම තම පාර්ශවය පක්ෂපාතී බව සඳහන් කරන දිසානායක මහතා මෙවැනිම කල්ලියකට (ආණ්ඩුව මෙන්) නැවත බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බවයි අවධාරණය කරන්නේ.

ජනතා යුතුකම

ජනතාවට රෑ වැටුණු වලේ දවල් වැටෙන්නට ඉඩ දී බලා සිටීම දේශපාලන ව්‍යාපාරයක් ලෙස තම ව්‍යාපාරයට කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ නිසා පොදු විරෝධයෙන් ඔබ්බට ගොස් පවතින අර්බුදයට සැබෑ විසඳුම් සොයන මාවතකට යා යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අනුර කුමාර දිසානායක මහතා සිය ජනපති සිහින පිළිබඳව අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 March 2022 13:30