April 20, 2024

අනුර කුමාරගෙන් ඡන්දදායකයාට ප්‍රශ්නයක්: මහ මැතිවරණයේදී වැරදුනේ අපිටද ? ජනතාවටද ?

December 27, 2021

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තෝරා පත් නොකර ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඡන්දදායකයාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා.

ජ.වි.පෙ මන්ත්‍රීවරුන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පත්කර නොයැවීමෙන් වැරදිලා තිබෙන්නේ අපටද නැතිනම් ජනතාවට ද යන්න ඔහු ප්‍රශ්න කරනවා.

පක්ෂ නායක මතය

තමාගේ මතයට අනුව නම් එසේ වැරැද්ද සිදුවී තිබෙන්නේ මහජනතාවට බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

අද වන විට ජනතාව තමන්ට වැරදුණු බව තේරුම් ගෙන තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉදිරියේදී මහජනතාව නිවැරදි තීන්දුවක් ගන්නා ඇති බව විශ්වාස කරන බවද සඳහන් කරමින්.

ජනතාව තමන් වෙනුවෙන් පෙනී සිටින මහජන දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් නිවැරදි තීන්දු නොගන්නේ නම් එම දේශපාලන ව්‍යාපාර දේශපාලනය අත් හැරිය යුතු බවයි දිසානායක මහතාගේ මතය වන්නේ.

මන්ත්‍රීධූර තුන

ජාතික ජන බලවේගයේද නායකයා වන අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පල කලේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

2020 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් ජයග්‍රහණය කළ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයත් සමග ඔවුන්ගේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව තුනකට පමණක් සීමා වුණා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 December 2021 12:09