March 28, 2024

වීරවංශ මට අදාලම නැහැ : අනුර කුමාර දිසානායක Featured

December 26, 2021

මතභේදාත්මක යුගදනවි බලාගාරයේ කොටස් 50% ක් ඇමරිකාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම ගැන විමල් වීරවංශ අමාත්‍යවරයා කියන කතා තමාට අදාල නැති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.

ඒ එම ගිවිසුම තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලයට ලැබුණු බවට වීරවංශ මහතා කරන ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.

කැබිනට් ඇමතිවරු

ජාතික ජන බලවේගයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේද නායකයා වන දිසානායක මහතා සඳහන් කරන්නේ අදාළ ගිවිසුමේ පිටපත් ඇතැම් කැබිනට් ඇමතිවරුන් පවා ඉල්ලා ගත්තේ තමන්ගෙන් බවයි.

ඒ බව ඇතැම් ඇමතිවරුන් පිළිගත් බවත් දිසානායක මහතා පෙන්වා දෙනවා.

වීරවංශ මහතා කියන කරුණු තමාට පමණක් නොව ආණ්ඩුවටද අදාළ නැති බවක් පෙනෙන්නට තිබෙන තවත් එය අදාළ වන්නේ මාධ්‍යයට පමණක් බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

දිසානායක මහතා මේ කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

විපක්ෂය කළ ඉල්ලීම

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මුදල් අමාත්‍යාංශයේ සතු 50% ක කොටස ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගමට ලබා දීම සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය කීප වතාවක්ම ආණ්ඩුවෙන් ඉල්ලීම් කළා.

එහෙත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් වූයේ නැහැ.

එහෙත් අනුර කුමාර දිසානායක මහතා එම මතභේදාත්මක ගිවිසුමේ පිටපතක් අය - වැය විවාහයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 December 2021 11:01