පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෑමට සූදානම්.
එළඹෙන අප්‍රේල් මස ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඇමතිවරයාගේ ස්ථාවරය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන ආණ්ඩුවක තමන් නොසිටින බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කිහිප වතාවක්ම ප්‍රකාශ කර තිබෙනවා.
මේ වන විට සිය අමාත්‍ය නිල නිවස මෙන්ම රථවාහන බාරදී අමාත්‍ය ධූරයේ අත්‍යවශ්‍ය කාරණා පමණක් ඉටුකරන නානයක්කාර මහතා එළැඹෙන මස ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා.
තමා එවැනි ආණ්ඩුවක කොටස්කාරයෙකු නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.
විනාශකාරී කොන්දේසි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බැඳී තිබෙන කොන්දේසි විනාශකාරී බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් නානායක්කාර මහතා ආණ්ඩුවෙන්ද ඉවත් වන බවයි.
නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ණය ගෙවීම් සම්බන්ධයෙන් කළ ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා නොකළ යුතු බවයි.
ණය කොන්දේසි
එසේ කළ විට ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වීමට සිදුවන බැවින් එම ඉල්ලීම ශ්‍රී ලංකා ආණ්ඩුව සෘජුවම ණය හිමියන් සමග කතා කොට ඉල්ලිය යුතු බවයි.
නානායක්කාර මහතා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.