May 13, 2024

ඒවා බොරු.. ගිවිසුම් ආපහු හරවන්න බෑ - ඇමති බන්දුල (VIDEO)

December 13, 2021

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලබන ජනවාරි වනවිට ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව කෝටි දෙසීයට වැඩි ආදායම් ලබන අයගෙන් අධිභාර බද්දක් ලබා ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇතැම් පනත් සංශෝධනය කිරීමට සිදුවන බවත් දේශීය ආදායම් පනත සංශෝධන කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසුවා.

යුගදනවි ගිවිසුමේ රහසක් නොමැති බවත් එම ගිවිසුම පසුගිය සතියේ කැබිනට් මණ්ඩල ඉදිරිපත් කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයා ගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වුණේ නොවූ බැවින් එය මේ සතියට කල් දමා ඇති බවත් කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ හෝමාගම පැවැති උත්සවයකට සහභාගී වීමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

යුගදනවි ගිවිසුම් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ "ඒවා හුදු ප්‍රලාප.. අපිට පුලුවන්ද රජයක් එක්ක අත්සන් කල ගිවිසුම් ආපහු හරවන්න. එහෙමනම් හම්බන්තොට වරාය විකුණන්න කොට අපි කොයිතරම් විරුද්ධ වුණා ද දැන් ඒ ගිවිසුම අපිට වෙනස් කරන්න පුලුවන්ද. ගිවිසුම් කියන ඒවා නීත්‍යානුකූලව අත්සන් කරන ඒවා. සාමාන්‍ය ජීවිතයේදී වුනොත් එහෙම වෙනස් කරන්න බැහැ. මොකද්ද ගිවිසුම කියලවත් දන්නේ නැහැ. හරියට සාකච්ඡා කරනවා මේ අත්සන් කරපු දේ මොකක්ද කියලා රටට කියනවා හංගන්න දෙයක් නැහැ."

එම වීඩියෝව පහතින්,

මීගොඩ - බුද්ධික කුමාරසිරි

Rate this item
(0 votes)
Last modified on Monday, 13 December 2021 13:50