April 25, 2024

බැනුම් අහන ඇමැතිකම මට - ඇමැති මාරුව ගැන බන්දුලගෙන් ඉඟියක් (VIDEO)

කැබිනට් සංශෝධනයේදී වෙළෙඳ අමාත්‍ය ධූරය වෙනුවට විශාල වශයෙන් වැඩ කිරීමට හැකි අමාත්‍යාංශයක් ලැබේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

වැඩි වශයෙන් අභියෝග ඇති, වැඩි වශයෙන් බැනුම් අසා ගැනීමට හැකි අමාත්‍ය ධුරයක් තමා භාර ගැනීමට කැමැත්තෙන් සිටින බවද පැවසුවා. 

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ බදු ඉවත් කළ ආහාර ද්‍රව්‍ය වල මිල අඩු වීම ක්‍රමානුකූලව සිදු වනු ඇති බවයි.

අත්‍යවශ්‍ය බඩු වල බදු සහන ඉවත් කිරීම නිසා මිල අඩු වීමක් සිදු වෙයිද? යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, 

"ක්ෂණිකව සිදු වෙන්නේ නැහැ. භාණ්ඩ ගේන්න ඕනේ අලුතින්. ගෙනාපු ඒවා වෙළඳපොලේ තියෙනවනේ. නිදහස් කර ගන්න ඒවාට එහෙම ක්‍රමානුකූලව අඩු වෙයි. රජය පැත්තෙන් කරන්න පුළුවන් දේ තමයි කරලා තියෙන්නේ උපරිමයෙන්."

එතකොට මිල පාලනයට කටයුත්තක් සිදු වෙයිද යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,  

"නැහැ නැහැ"

(මීගොඩ - බුද්ධික කුමාරසිරි)

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 January 2022 19:47