April 19, 2024

ඇමති බන්දුලගෙන් 75ට ලොකු පොල්

ප්‍රමාණයෙන් ලොකු පොල්ගෙඩි මෙම වසර පුරා රුපියල් 75.00කට සතොස මඟින් අලෙවි කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එක්‌ පාරිභෝගිකයෙකුට වරකට උපරිම ලෙස පොල්ගෙඩි 5ක් මිලදී ගැනීමට හැකියාව ඇති බවයි.

මේ වසර පුරා පොල් ගෙඩියක් රුපියල් 75ක මිලකට අලෙවි කිරීමට අදාළ ගිවිසුම පොල් සංවර්ධන මණ්ඩලය සමග අත්සන් කිරීම අද (31) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ වුණා.

කෙසේවෙතත් වාර්ෂික පොල් අස්වැන්නේ අඩුවීමක් පවතින නිසා පොල් ගෙඩියක් රුපියල් 100 ඉක්මවා විකිණෙන බව වෙළෙන්දන් පෙන්වා දෙනවා.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ප්‍රමාණයෙන් කුඩා පොල් ගෙඩියක් විකුණනු ලබන්නේ රුපියල් 75ක් 80ත් අතර මිලකටයි. 

Rate this item
(0 votes)