April 18, 2024

මහපොළට අක්කර 123 ක ඉඩමක්! විශ්වවිද්‍යාල ගම්මානයක් හදන්න බන්දුලගේ අදහසක්

මහපොළ ශිෂ්‍යාධාර වාරික සියල්ල මේ වන විට විශ්වවිද්‍යාල සිසුන්ට ගෙවා ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අනාගත උපන් – නූපන් පරම්පරාවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම අරමුදල සුරක්ෂිත කර පෝෂණය කිරීම සඳහා විශ්වවිද්‍යාල ගම්මානයක් ඇති කිරීමට මිල්ලෑව නාගරික සංවර්ධන අධිකාරියට අයත් ව තිබූ අක්කර 123ක භූමි කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙත අත්පත් කර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

2020 සහ 2021 වසරවල ලබා ගත් රුපියල් බිලියන 2ක ලාභයෙන් කොටසක් වැය කොට මෙම ඉඩම් කොටස ලබා ගැනීමෙන් පසු එහි ආරම්භ කෙරෙන විශ්වවිද්‍යාල ගම්මානයෙන් ඉදිරි පරම්පරා ගණනාවක සිසු දරුවන්ට තවත් දහස් ගණනකට ශිෂ්‍යාධාර ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 00:23