May 03, 2024

මාර්ග හතක බස් ධාවනයෙන් ඉවත්වෙයි

මඟී ප්‍රවාහන බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් හොරණ නගරයෙන් ආරම්භ වන පෞද්ගලික බස් රථ පිළිබඳ අර්බුදයක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් හොරණ නගරයෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉංගිරි හොරණ පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති එච්.ඩි.බි කුමාර මහතා පැවසුවේ මතුගම මෝල්කාව හරහා කොළඹ දක්වා අලුතින් පෞද්ගලික බස් රථයක් ධාවනයට එක් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි.

හොරණ සිට කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ මෙන්ම හොරණ කඩවත අධිවේගී මාර්ග හරහා සුඛෝපබෝගී බස් රථ ඇතුළු හොරණින් ආරම්භ කරන බස් මෙසේ ධාවනය නොවන බව හොරණ පෞද්ගලික බස් රථ සංගමය සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)