May 02, 2024

බස් මගීන් සඳහා ඉදිරියේදී අලුත්ම ගාස්තු ක්‍රමයක්

බස් මගීන් සඳහා ඉදිරියේදී අලුත්ම ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට සිදුවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් සේවකයින් වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී එම ගාස්තු ක්‍රමය හඳුන්වාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආසන ගණනට පමණක් මගීන් ගෙනා යාමේදී සිදු වන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදී ඇතැම් බස් රථ වල ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බවද ඒ මහතා සඳහන් කළා.

මහනුවරදී ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළා,

"මම පොලිස්පතිතුමාට ලිඛතව දැනුම්දුන්නා ආසනගත නීති කඩකරන සියලුම බස්රථ අත්අඩංගුවට ගන්න කියලා. එහෙම ගොඩක් තැන්වල සිදුවෙලා තිබුණා. නමුත් අපිට පේනවා ග්‍රාමිය මාර්ගවල මේ නීතිය කඩනවා කියලා. අපි මේක නතර කළේ නැතිනම් එළඹෙන සතිය වෙද්දි හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මගියෙකුට පුළුවන් ආසනයක් නැතිනම් අඩුම තරමේ නීතිය කඩන එක කෙසේවෙතත් හිටගෙන යනවා නම් ඒ ගාස්තුව විතරක් ගෙවන්න. අපි බස් සේවකයින් ගැන සානූකම්පිතව හිතලා සැලකියයුතු මිල වැඩිකිරීමක් ලබලා දුන්නා රටේ පවතින තත්ත්වය අනුව. එහෙම නම් අපේ කොන්දේසිවලටත් එකඟවෙන්න ඕනේ. එකඟවුණේ නැතිනම් ඉදිරි සතිය තුළ ආසනගත ගාස්තුව වගේව හිටගෙන යනවා නම් පරණ තිබුණ ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් නියම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටගෙන යන අයට පුළුවන් ඒක ගෙවනන්. ඉදගෙන යන අයට පුළුවන් ඒ ගාණ ගෙවන්න. එතකොට අපට ළඟට ඇවිත් ඒක වෙනස් කරන්න කිව්වාට අපි ඒක කරන්නේ නැහැ."

(මහනුවර - කමල් සුරවීර)

Rate this item
(0 votes)