April 28, 2024

චීනයි ජොනියයි පාරේ හුටපටයකට ගැටෙයි : චීනා අනතුරුත් අඟවයි

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා චීන තානාපති කාර්යාලයේ වාණිජ ලේකම්වරයා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ මහා මාර්ග ඉදිකිරිමේ උප කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම මුල් කොටගෙන.

ඉහළ පෙළේ රැස්වීම

මෙම ගැටුම්කාරී සිද්ධිය සිදුවී තිබෙන්නේ ඉකුත් බදාදා පැවැති මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ පෙලේ සාකච්ඡාවකදී.

ඊට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී සහභාගී වී ඇති අතර මෙම සාකච්ඡාවට චීන තානාපති කාර්යාලයේ වාණිජ ලේකම්වරයාද සහභාගි වී තිබෙනවා.

චීන වාණිජ නිලධාරියාගේ යෝජනාව

චීන නිලධාරියා එහිදී සඳහන් කර තිබෙන්නේ මහා මාර්ග ඉදි කිරීමේ කොන්ත්‍රාත්කරු වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය චීනය තෝරාගෙන තිබෙන්නේ නම් ඊට ණය පහසුකම් සපයන්නේ චීනයේ එක්සිම් බැංකුව නම් උප කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේ පූර්ණ නිදහසද තමන් සතුව පැවතිය යුතු බවයි.

එවිට උප කොන්ත්‍රාත් සමාගම් වල තිබෙන දැනුම හා පළපුරුද්ද මත අදාළ ව්‍යාපෘති ප්‍රමාද නොවී සම්පූර්ණ කිරිමේ හැකියාව පවතින බව සිය ඉල්ලීමට හේතුව ලෙස චීන තානාපති කාර්යාලයේ වාණිජ ලේකම්වරයා පෙන්වාදී තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඊට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය විරෝධී දිගින් දිගටම පළකරමින් පවසා තිබෙන්නේ මහා මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් යම් බලයක් තමාට සහ සංවර්ධන අධිකාරියට තිබිය යුතු බවයි.

අනතුරු ඇඟවීම

එම පිළිතුරෙන් සෑහීමට පත් නොවූ චීන තානාපති කාර්යාලයේ වාණිජ ලේකම්වරයා මෙම ප්‍රශ්නය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ විසඳාගත නොහැකි බව තේරුම්ගෙන තිබෙන අතර සාකච්ඡාව අවසන් කොට තිබෙන්නේ අනතුරු ඇඟවීමක්ද කරමින්.

චීන ණය හා ආධාර යටතේ කරන ව්‍යාපෘති වලට උවමනාවෙන්ම මේ ආකාරයට බාධා කරනවා නම් චීනය හා ශ්‍රී ලංකාව අතර තියෙන සුහදතාවයට ගැටලුවක් වීමට පුළුවන් බවටයි චීන තානාපති කාර්යාලයේ වාණිජ ලේකම්වරයා අනතුරු අඟවා තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 16:30