May 01, 2024

ඡන්දෙට කලින් ඔය රාජපක්ෂ තුන් කට්ටුව මගේ පස්සෙමයි : මෛත්‍රීපාලගෙන් තවත් ප්‍රහාරයක්

පසුගිය ජනපතිවරණයට පෙර තමාගේ සහය ඉල්ලා තමා මුණ ගැසීමට පැමිණි ප්‍රධාන රාජපක්ෂවරු තුන් කට්ටුව පිළිබඳව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තොරතුරු හෙළිදරව් කරනවා.

හිටපු ජනපතිවරයා මේ තිදෙනා හඳුන්වන්නේ රාජපක්ෂ එක , දෙක , තුන වශයෙන්.

හිටපු ජනපතිගේ ප්‍රවේසම

එහෙත් ඒ කවුදැයි යන්න නම් වශයෙන් නොකීමට හිටපු ජනපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් සභාපතිවරයාද වන සිරිසේන මහතා ප්‍රවේශම් වුණා.

එසේ පැමිණි රාජපක්ෂ තුන් කට්ටුව ශ්‍රී.ල.නී.පය නොමැතිව ජනපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි බැවින් ශ්‍රී.ල.නි.පයේ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි සිරිසේන මහතා හෙළිදරව් කරන්නේ.

ඒ සඳහා එවකට පොදු ජන පෙරමුණ ජනපති අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී.ල.නි.පය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවයි සිරිසේන මහතා සඳහන් කරන්නේ.

සතියෙන් කඩ කළ පොරොන්දුව

එහෙත් එම ගිවිසුම ජනපතිවරණය ජයග්‍රහණය කොට සතියක් යෑමටත් මත්තෙන් කඩ කළ බවට හිටපු ජනපතිවරයා චෝදනා කරනවා.

ජනපතිවරයා බලයට පත්වී ගෙවුණු වසර දෙක තුළද එම ගිවිසුමේ කිසිදු එකඟතාවයක් ක්‍රියාත්මක නොකළ බවටද හිටපු ජනපතිවරයා චෝදනා කරනවා.

නම් හෙළිදරව් නොකළද හිටපු ජනපතිවරයා හමුවට පැමිණි ඒ තුන් කට්ටුව එවකට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්තුරුන් බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 January 2022 23:06