May 06, 2024

ජනපතිගේ දැඩි උපදෙස හමුවේ කැරලිකාර ඇමති සරෙන්ඩර් Featured

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමට පෙර දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපතිවරයා උදය ගම්මන්පිල ඇමතිවරයාට දුන් දැඩි අවවාදයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

එහිදී ජනපතිවරයා රාජ්‍ය සේවකයන්ට , විශ්‍රාමිකයන්ට මෙන්ම රණවිරුවන්ට රු.5000ක ආණ්ඩුවේ සහන ලබාදීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසු සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ දෙල්කඳ පොලේ කතාව සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ජනපතිගේ දැඩි ප්‍රතිචාරය

ඒ සම්බන්ධයෙන් දැඩි අදහස් දැක්වීමක් ජනපතිවරයා කර ඇති අතර ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ තීන්දු තීරණ විවේචනය කරන කැබිනට් ඇමැතිවරුන් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන ඇමැතිවරුන් එහිදී මීයාට පිම්බා සේ නිහඬව සිටි බවයි වාර්තා වන්නේ.

එම උණුසුම් කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමට පෙර තමාට යෑමට අවශ්‍ය බව එහිදී උදය ගම්මන්පිල ඇමතිවරයා ජනපතිවරයාට පවසා තිබෙන්නේ එදින රාත්‍රියේ රූපවාහිනී වැඩ සටහනකට යෑමට තිබෙන බව සඳහන් කරමින්.

ජනපති දුන් උපදෙස

එහිදී ජනපතිවරයා ගම්මන්පිල අමාත්‍යවරයාට බරපතළ උපදෙසක් ලබාදී තිබෙන්නේ මෙන්න මේ විදිහට.

"ඔබතුමාලා රූපවාහිනී සාකච්ඡා වලට ගිහින් කතා කළාට කමක් නැහැ.එහෙම කතා කරද්දී වෙන වෙන දේවල් කියන්නෙ නැතිව ආණ්ඩුව ජනතාවට සහන දෙන්න ගත් මේ තීන්දුව ගැන කියන්න."

එදින රාත්‍රියේ ගම්මන්පිල අමාත්‍යවරයා පෞද්ගලික රූපවාහිනි සේවයක් සමග වැඩ සටහනකට සහභාගි වූ අතර එහිදී වෙනදා මෙන් අනම් මනම් කියමින් ආණ්ඩුව විවේචනය නොකිරීම වග බලා ගන්නා අයුරු දක්නට ලැබුණා.

Rate this item
(4 votes)
Last modified on Monday, 10 January 2022 23:03