March 28, 2024

ගම්මන්පිල ඥානක්කාව ඩිෆෙන් කරයි: චරිත සහතිකයකුත් දෙයි

ඇමතිකමෙන් ඉවත් කළ උදය ගම්මන්පිල මහතා මතභේදාත්මක කාන්තාවක් වන අනුරාධපුරයේ ඥානක්කාව ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව සිටිනවා.

ඔහු සඳහන් කරන්නේ ඥාණා මෑණියන් දේශපාලනය නොකරන බවයි.

පක්ෂ දේශපාලනයක් නැහැ

පක්ෂ දේශපාලනයක් ඥාණා මෑණියන් කරනවා නම් සියලුම පක්ෂවල අය , විනිසුරුවන් , හමුදා ප්‍රධානීන් එතනට නොඑන බවයි ඔහු සඳහන් කරන්නේ.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන , හේමා ප්‍රේමදාස , හරින් ප්‍රනාන්දු , අකිල විරාජ් කාරියවසම් , තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් එසේ ඥානා මෑණියන් හමුවීමට පැමිණෙන දේශපාලඥයන් ලෙස ගම්මන්පිල මහතා හඳුන්වා දෙනවා.

තමාද ඥාණා මෑණියන් හමුවීමට යන බව ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ඊට හේතුවද සඳහන් කරමින්.

බෙහෙත් ගුණය

තමා එතනට යන්නේ තමාගේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට බවත් එහිදී ලබා දෙන බෙහෙත් වලින් තමන්ට ගුණයක් තිබෙන බවත් ඔහු අවධාරණය කරනවා.

අනුරාධපුරයේ ඥානක්කා පිළිබඳ ප්‍රශ්නය මතු වුණේ ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ගම්මන්පිල මහතාද එතනට යන අවස්ථාවේ ඔහුව ඇමති ධූරයෙන් ඉවත්කල ජනපතිවරයාද එතැන සිටි සිද්ධිය මුල් කොටගෙන.

එහිදී ජනපති සමග සුවද සාකච්ඡාවක් කළ බවයි ගම්මන්පිල මහතා අවධාරණය කරන්නේ.

ඥානා අක්කා සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කළේ ඔහු චමුදිත සමරවික්‍රම මහතා සමග කළ සාකච්ඡාවේදී.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 15 March 2022 09:22