March 29, 2024

සිතා මතා මවපු අපායේ විස්තරය ගම්මන්පිල සවිස්තරාත්මකව කියයි

අද මෙරට ජනතාවට ජීවිත කාලය තුළම අපාය අත් විඳීමට සිදුව තිබෙන බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එය සිතා මතා හදපු අපායක් බව පෙන්වා දෙන ඔහු එසේ වීමට හේතුව වගකිවයුත්තන් අතින් බරපතළ වැරැද්දක් සිදුව තිබීම බව සඳහන් කරනවා.

පනපිටින් අපායට

ඒ කවදා සිදුවූවාදැයි තමන් නොකියන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අපාය නිර්මාණය වූ ආකාරයද මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

අද මෙරට ජනතාවට උදේ සිට සවස දක්වා සිටීමට සිදුව තිබෙන්නේ පෝලිම් වල බව ඔහු සඳහන් කරන්නේ එම පෝලිම් තොගයද මතක් කර දෙමින්.

පෝලිම් තොගය

කිරිපිටි පෝලිමෙන් ඉන්ධන පෝලිමටද , ඉන්ධන පෝලිමෙන් ගෑස් පෝලිමටද එතනින් බෙහෙත් පෝලිමටද ගොස් දවස ගත කර හවසට නිවසට එනවිට නිවසේ විදුලිය නොමැති බව ඔහු සඳහන් කරනවා.

අපාය ඒක නෙමෙයි නම් මොකද්ද අපාය කියා තමන්ට අසන්නට සිදු වන බව සඳහන් කරන මන්ත්‍රීවරයා ජනතාව ආහාර පිසින හා කන ආකාරය පිළිබඳවද හෙළිදරව්වක් කරනවා.

අද තට්ටු නිවාස වල සිටින අයට ඉන්ධන හා විදුලිය පමණක් නොව ජලයද නොමැති බවත් එම ගෙවල් වල දර ලිපේ උයන්නට නොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මහල් නිවාස ජීවිත

දුප්පත්කමින් පෙළෙන මහල් නිවාස වල සිටින අය රාත්‍රි ආහාර වේල ආවරණය කර ගන්නේ බිස්කට් එකක් ලුණු මිරිස් සමග කා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කඩවලත් ගෑස් නොමැති නිසා කෑම උයන්නේ නැති බැවින් එම ජනතාවට කඩේකින්වත් ආහාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ජනතාවට මේ ඉරණම අත් වූයේ කොවිඩ් නිසා නොවන බවත් ඊට වගකිව යුත්තේ මුදල් ඇමතිවරයා බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

ගම්මන්පිල මහතා අපාය ගැන මෙම කරුණු හෙළිදරව් කළේ තමන් නායකත්වය දරන. ජාතික හෙළ උරුමයේ මහරගම ජන සභාව අමතමින්.

Rate this item
(5 votes)
Last modified on Friday, 25 March 2022 09:54