April 17, 2024

චම්පික හා ගම්මන්පිල කලකට පසු එකම මතයක

පාඨලී චම්පික රණවක හා ජනපතිවරයා මේ මෑතකදී ඇමති කමින් ඉවත් කළ උදය ගම්මන්පිල යන මහත්වරුන් කලක් එකම පක්ෂයේ සිටි අය.

ඒ ජාතික හෙළ උරුමයේ.

පොදු මතය

දැන් දෙදෙනා වෙන්ව වෙන වෙනම දේශපාලන ගමනක් ගියද ඉදිරි ජනපතිවරණය අපේක්ෂකයා පිළිබඳව දරන්නේ පොදු මතයක්.

ඉදිරි ජනපතිවරණය සඳහා නිල වශයෙන් තව වසර 3කට ආසන්න කාලයක් තිබෙන බැවින් රාජපක්ෂලාට එරෙහි පොදු අපේක්ෂකයා කවුරුන්දැයි යන්න දැන්ම තීරණය කළ නොහැකි බවයි රණවක මහතාගේ මතය වන්නේ.

ජනපතිවරණය ආසන්න කාලය වන විට පවතින දේශපාලන වාතාවරණයට අනුව එම අපේක්ෂකයා තීරණය වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ

ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම

ජනපති අපේක්ෂකයා පිළිබඳ රණවක මහතාගේ මෙම මතය ඔහු මාධ්‍ය සාකච්ඡා රැසකදීම ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් ඔහු මේ වන විට නියෝජනය කරන සමගි ජන බලවේගය මීළඟ ජනපතිවරණයේ සිය අපේක්ෂකයා ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව නම් කර අවසන්.

ගම්මන්පිල මහතාද ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ගැන දරන්නේ ඊට සමාන මතයක්.

ඔහු එම මතය ඉදිරිපත් කළේ සති අන්ත ජාතික පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී.

නව බලවේගය

නව බලවේගයක් හා ඒ හරහා නව ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා නොවේදැයි යන්න එහිදී ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.

ඊට ඔහු පිළිතුරු දුන්නේ මෙසේයි.

මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න අපි සූදානම් නැහැ.ජනපතිවරණයට තව වසර තුනක් තිබෙනවා.මෙච්චර කාලයක් තිබියදී කාටද සහය දෙන්නේ , කාවද අපේක්ෂකයා කරන්නේ කියලා සිතන එක නිෂ්පල වැඩක්."

අරමුණ හා සැලසුම

එසේ සඳහන් කරන ගම්මන්පිල මහතා මේ අවස්ථාවේ සිය අවධානය යොමු කර ඇත්තේ කුමකටද යන්න පිලිබඳවත් අපේ ප්‍රකාශ කරනවා.

"මේ දැවැන්ත ආර්ථික ව්‍යසනයෙන් රට ගලවා ගැනීමේ අරමුණ විතරයි අපිට තිබෙන එකම අරමුණ හා සැලසුම."

Rate this item
(2 votes)
Last modified on Saturday, 19 March 2022 09:46