April 16, 2024

විමල්-උදය -වාසු පිල සිරිසේන සමඟ දීග කන්නේ රටට ආදර්ශයක් දෙන්නලු

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ආණ්ඩු පක්ෂයේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමේ බොහෝ දෙනා 2015 ජනපතිවරණය අවස්ථාවේ දැඩිව විවේචනය කළා.

එම ජනපතිවරණ වේදිකාවේ "කෝ මේ සිරිසේන , කෝ මේ සිරිසේන" යනුවෙන් උපහාසාත්මකව සඳහන් කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පහර දුන් ආකාරයේ වීඩියෝ පට බිය වන විට දැක ගන්නට පුළුවන්.

බරපතළ විවේචනය

ඒ හැරුණුකොට සිරිසේන මහතා ජනපති ධුරය දරද්දීත් ඔහුගේ පිළිවෙත විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර , ගෙවිඳු කුමාරතුංග , මහාචාර්ය තිස්ස විතාරණ , ඩිව් ගුණසේකර වැනි සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමේ සාමාජිකයින් විවේචනය කලා.

එහෙත් දැන් සිරිසේන මහතා පක්ෂ 11 සන්ධානය සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා.

සිරිසේන මහතාව එදා විවේචනය කිරීමත් අද එකට වැඩ කිරීමත් ගැන ජනපතිවරයා විසින් ඇමතිකමෙන් ඉවත් කළ උදය ගම්මන්පිල මහතා කරුණු පෙන්වා දෙනවා.

පුද්ගලික එදිරිවාදිකම

"යහපාලන ආණ්ඩුවට එරෙහිව පළමු ගල් පහර ගහලා ඒ ආණ්ඩුව විනාශ කළේ විමල් වීරවංශ මහතා හා මම නායකත්වය දුන්නේ දේශපාලන ව්‍යාපාරය. විමල් , උදය කියන්නේ ඔහුගේ (සිරිසේන මහතාගේ) පරම හතුරෝ. පදනම් විරහිත චෝදනා නගලා අපට සිර බත් කන්න සැලසූ නායකයා ඔහු."

නමුත් අපි මේ යෝජනාවලිය (මුළු රටම හරි මගට) සකස් කරගන්න ඔවුන්ටත් ආරාධනා කළා. ඒ රටට ආදර්ශයක් ලබා දෙන්න. දැවැන්ත ආර්ථීක අර්බුදයක් ඉදිරියේ සිටින අපි කෝන්තර අමතක කොට ජාතියක් ලෙස සමගි විය යුතුයි."

මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විමල්-උදය-වාසු පිලේ අලුත් හවුල ගැන ගම්මන්පිල මහතා කියන්නේ එහෙම කතාවක්.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 16 March 2022 12:11