April 26, 2024

ආණ්ඩු පෙරළන ගම්මන්පිලගේ මුහුණු සාස්තරේ

ආණ්ඩුවේ බහුතරය එනම් මන්ත්‍රීවරු 113 කගේ සහයෝගය නැති කිරීම සම්බන්ධයෙන් මුහුණ බලා අනාවැකි කීමේ කලාවක් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා හඳුන්වා දෙනවා.

ඒ පුද්ගලික රූපවාහිනී සේවයක සාකච්ඡාවකට එක්වෙමින්.

ඇමතිවරයාගේ අභියෝගය

මන්ත්‍රීවරයා මුහුණු සාස්තරේ හඳුන්වා දුන්නේ පුළුවන්නම් ආණ්ඩුවේ බහුතරය එනම් 113 නැති කර පෙන්වන ලෙස රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කරන අභියෝගයකට පිළිතුරු දෙමින්.

අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කරන එම අභියෝගය සහිත දර්ශන එම සාකච්ඡාවේදී විකාශය කළා.

ඊට පිලිතුරු දෙමින් එම වැඩ සටහනේ ආරාධිතයා වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රශ්න අසන්නන් අමතා සඳහන් කළේ තමන්ගේ හා අබයගුණවර්ධන ඇමතිවරයාගේ මුහුණු දෙස බලන ලෙසයි.

ජයග්‍රාහී මුහුණ

ඒ මුහුණු දෙක බලා කාගේ මුහුණ ජයග්‍රාහී මුහුණ දැයි බලන ලෙස ඔහු මාධ්‍යවේදීගෙන් විමසීමක් කළා.

තමාගේ මුහුණ සැහැල්ලු , සිනහමුසු , ජයග්‍රාහී මුහුණක් බවත් සඳහන් කළ ගම්මන්පිල මහතා පරාජිත බව තිබෙන්නේ කාගේ මුහුණේදැයි ප්‍රශ්න කලා.

තමා එසේ ප්‍රශ්න කරන්නේ මේ වැඩසටහන බලන ජනතාවගෙන් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

113 නැති කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය තිබෙන්නේ කාගේ මුහුණේද, අපිට ලඟදීම කෙල වෙයි කියන එක තිබෙන්නේ කාගේ මුහුණේ දැයි බලන ලෙසයි මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2022 08:10