April 25, 2024

ඇමතිකමෙන් පන්නපු දෙපළ ගැන වාසු කියූ රහස ජනපතිගෙන් හිටපු ජනපතිට - හිටපු ජනපතිගෙන් වටේටම

මීට ටික දිනකට පෙර ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ ජනපතිවරයාගේ ආරාධනාවකට අනුව.

විශේෂ රහස

එහිදී විශේෂ රහසක් ජනපතිවරයා හෙළි කළා.

ඒ තමන් විසින් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ගැන.

මෙම සාකච්ඡාවේදී වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිරිසේන මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා.

රැස්වීමේ කළ කතා

ජනපතිවරයා විශේෂ රහස එළි කර තිබෙන්නේ ඊට පිළිතුරු දීමේදීයි.

ඒ වීරවංශ සහ ගම්මන්පිල මහත්වරුන්ට අමාත්‍ය ධුර අහිමි වීමට හේතු වූ "මුළු රටම එක මගට" ප්‍රකාශනය ජනගත කිරීමේ රැස්වීමේදී ආණ්ඩුව හා මුදල් ඇමතිවරයා විවේචනය කරමින් කළ කතා පිළිබඳව ඔවුන් දෙපළගේ කිට්ටුම සගයා වන වාසුදේව නානායක්කාර ඇමතිවරයා තමන් සමග කියූ කරුණක් පිළිබඳවයි.

වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් එම රැස්වීමේදී කළ ප්‍රකාශ හොඳ නැති බව නානායක්කාර මහතා තමන් සමග ප්‍රකාශ කළ බවයි ජනපතිවරයා සිරිසේන මහතාට දැනුම්දී තිබෙන්නේ.

ජනපතිවරයා තමන්ට දුරකථනයෙන් කථා කළ බව නානායක්කාර මහතා මාධ්‍ය හමු වළ ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(5 votes)
Last modified on Sunday, 13 March 2022 12:51