April 27, 2024

ජනතාවට සුභ ආරංචියක්

December 24, 2021

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (24) දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා .

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා ඊයේ (23) රැගෙන යාමත් අස්වනු නෙලීම නොකර සිටි ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපලට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවයි.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන්ගේද අඩුවක්ද දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරනවා.

වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත් හේතුවක් වී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ අනුමාන කරනවා.

නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ පොහොර කෘමිනාශක , වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබා දීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි. දේශීය බිජ ලබා දී කාබනික වගාවට යන්නේ නම් මේ හානිය අවම වන බව ගොවින් පෙන්වා දෙනවා.

එළවළු නොලැබීම නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදා මෙන් වැඩි කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්වයකට වගා කොට තිබෙන බවයි.

ඇතැම් නිලධාරින් පවසන පරිදි රට තුල සාගින්නක් ඇති නොවන බව පෙන්වා දුන්නා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය 22 වනදා උදේ සහ අද (24) දින එළවළු  කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබුණා.

මේ අතර එලඹෙන නත්තල් දිනයට සමගාමිව හැටන් මහජන වෙලදපොලේ එලවළු වර්ග කිහිපයකම කිලෝවක මිල 50 කින් පමණ පහල බැස තිබෙනවා.

ගෝවා, බෝංචි, කැරට්, තක්කාලි, කරවිල යන එලවළු මිල රු 50 කින් පහල බැස ඇති අතර මාළු මිරිස්, අමු මිරිස්, සලාද මිල ඉහල ගොස් තිබෙනවා.

කුඩා මාළු වර්ග කිහිපයක මිල පහල බැස ඇති අතර තෝරු, තලපත්, කොප්පරා වැනි මාළු වල මිල ඉහල ගොස් තිබෙනවා.

කුකුල් මස් මිල (24) දින රු 800-850 අතර මිලකට අලෙවි වු අතර , සුදු බිත්තර රු.27  සහ රතු බිත්තර රු.28  මිලකට හැටන් මහජන වෙලදපොලේ අලෙවි කරනු ලැබූ බවයි අප ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කලේ.

(හැටන් රංජිත් රාජපක්ෂ / දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)