May 11, 2024

ලිට්‍රෝ ගෑස් කාන්දුවකින් 3000කට දිවි අහිමි වෙයි

December 24, 2021

පන්නල, පල්ලේගම, එලිබිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (24) අළුයම් කාලයේ මෙම ගින්න ආරම්භ වී ඇති බව යි පොලීසිය පවසන්නේ.

ගින්නට හසු වී එහි සිටි කුකුළු පැටවුන් 3000ක් පමණ මරණයට පත්ව ඇති බව මේවන විට අනාවරණය වී ඇති බව සඳහන්.

ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ගිනි ගෙන ඇත්තේ මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් කුකුළු ගොවිපොළක්වන අතර එය අක්කර 17ක පමණ භූමි භාගයක් පුරා පිහිටා ඇති බව සඳහන්.

මෙම ගොවිපොළ භූමිය තුළ කුකුළු පැටවුන් 35,000ක් පමණ රැඳවිය හැකි ශාලා 07ක් පවතින අතර ඉන් එක් ශාලාවක් තුළයි අදාළ ගින්න හටගෙන ඇත්තේ.

එය තුළ සිටි කුකුළන්ට උණුසුම ඇති කිරීම සඳහා නළ යොදා ගෑස් සිලින්ඩර් තුනක් සවි කර තිබූ බව වාර්තා වනවා.

ඉන් එක් ගෑස් ටැංකියක සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බව යි පොලීසිය සඳහන් කළේ.

මේ අතර වැඩි දුරටත් වාර්තා වන්නේ මෙලෙස සවි කොට තිබී ඇත්තේ කිලෝග‍්‍රෑම් 37.5 බැගින් වූ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 03ක් බව යි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 December 2021 14:23