March 29, 2024

යළිත් ගෑස් මිල වැඩි වෙයි - කැබිනට් අනුමැතියත් ඉල්ලයි

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන ලෙස ලිට්‍රෝ සමාගම ඉල්ලීමක් කළ බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසුවා.

එම ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද කොපමණ මුදලකින් ඉහළ දමනවා ද යන්න තීරණයක් කර නොමැති අතර මේ වනවිට සමාගම රුපියල් බිලියන හතරයි දශම පහක අලාභයක් ලබන බව ද හෙතෙම කියා සිටියා.

ශී‍්‍ර ලංකාවේ දෛනික අවශ්‍යතාවට වඩා ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන බවත් පසුගිය දවස් 10 තුළ මිලියනයකට ආසන්න ගෑස් සිලින්ඩර් තොගයක් නිකුත්කළ බවත් ඔහු පැවසුවා.

මේ වනවිට කිලෝ ග‍්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල 2750 ක් වන අතර ලාෆ් කිලෝ ග‍්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල 4190ක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 13:18