April 28, 2024

සමගියෙන් පන්දම් සෙල්ලමක් (PHOTOS)

December 24, 2021

වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් සහ වැඩි වු ජිවන වියදම පහල දමන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයේ සාමාජිකයන් පිරිසක් ගිනිගත්හේන නගර මධ්‍යයේදි ඊයේ (23) රාත්‍රියේ පන්දම් දල්වා උද්ඝෝෂණයක නිරත වුණා.

සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන සංවිධායක කපිල නාකන්දල මහතා විසින් මෙම උද්ඝොෂණය සංවිධානය කර තිබුණා.

උද්ඝෝෂණයට මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වුණා.

මේ අතර හබරාදුව පොලිස් වසමේ බෝගහගොඩ නගරයේ දි ඊයේ (23) රාත්‍රි විරෝධතාවයක් පැවැත්වුණා.

සමගි ජන බලවේගය හබරාදුව ප්‍රධාන සංවිධායක සුමනසිරි ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්වුණා.

විරෝධතාකරුවන් පන්දම් දල්වා ගනිමින් විවිධ සටන්පාඨ කියමින් මෙකි විරෝධතාවයේ නිරත වුණා.

                                          ගිනිගත්හේන නගර මධ්‍යයේ පැවති විරෝධතාවය

                                                  බෝගහගොඩ නගරයේ පැවති විරෝධතාවය

(හැටන් - රංජිත් රාජපක්ෂ / ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)