April 28, 2024

කොළඹ වටලන උද්ඝෝෂණයට විපක්ෂයේ පිරිස් ගෙදර බඩුත් අරන් එයි

ඉන්ධන මිල වැඩි වීම සහ ජීවන බර ඉහල යාමට රජයට විරෝධය දැක්විම සදහා සමගි ජනබලවේගය විසින් අද (15) දින පස්වරුවේ කොළඹදි පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගි විම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ ජනතාව සුදානම් බව ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ එම පක්ෂ ආධාරකරුවන් හිස් ගෑස් සිලින්ඩර් සහ ඩිසල් හිස් බූලි රැගෙන බස් රථ වලින් කොළඹ දක්වා පැමිණෙන අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබෙනවා.

එම බස් රථ වල ගමන් ගන්නා සමගි ජන බලවේගයේ ආධාරකරුවන් කියා සිටියේ උද්ඝෝෂණයට සහභාගි වීමට යාම වැලැක්විම සදහා රජය විසින් සැලසුම් සහගත ලෙස ඊයේ (14) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් වලට ඩිසල් තොග නිකුත් නොකල බවයි.

පසුගිය දින කිහිපය තුල බූලි වලට එකතු කර ගන්නා ලද ඩිසල් බස් රථ වලට යොදා ගනිමින් උද්ඝෝෂණයට සහභාගි වීම සදහා මෙසේ කොළඹ දක්වා යන බවයි උද්ඝෝෂණයට සහභාගි වන පිරිස කියා සිටියේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 March 2022 12:20