April 18, 2024

ඉතිහාසයේ අඳුරුතම යුගය නිර්මාණය කළ ආණ්ඩුව පලවා හරින ප්‍රථම වෙඩි මුරය අද: ස.ජ.බ ජාතික සංවිධායක

ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ ප්‍රථම වෙඩි මුරය තව සුළු මොහොතකින් කොළඹදී පත්තු කරන බව තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා.

"රට විනාසයි , දැන් ඇති , තව වනසන්න දෙන්න බැහැ" යන තේමාව යටතේ එම විරෝධතාවය පවත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සටන රට පුරාම

සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා අත්තනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ අදින් ආරම්භ කරන ආණ්ඩු විරෝධී සටන ආණ්ඩුව පලවා හරින තෙක් රට පුරාම දියත් කරන බවයි.

මහජන පීඩාකාරී ආණ්ඩුව බලයෙන් පන්නන තුරු දියත් කරන නොනවතින රැල්ලකට තව මොහොතකින් කොළඹදී ආරම්භය ලබාදෙන බවත් අත්තනායක මහතා අවධාරණය කරනවා.

අඳුරුතම යුගය

මෙරට ඉතිහාසයේ අඳුරුතම යුගය නිර්මාණය කළ වත්මන් ආණ්ඩුවට එරෙහි ලක්ෂ සංඛ්‍යාත ජන පෙළ ගැස්ම විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී ආණ්ඩුවට දැක බලා ගැනීමට හැකි බවත් ඔහු අවධාරණය කරනවා.

සමගි ජන බලවේගය සමග සන්ධානගත සියලු පාර්ශවයන් මෙම විරෝධතාවයට එක් වෙන බවයි සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා සඳහන් කරන්නේ.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 15 March 2022 11:06