April 28, 2024

(EXCLUSIVE) අපි සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරනවා : තිස්ස අත්තනායක

ජනපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර තීරණය කළ බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

ඒ මීට සුළු මොහොතකට පෙර.

කණ්ඩායම් රැස්වීම

මෙම තීරණය ගෙන තිබෙන්නේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තීන්දුව ගැනීමට නියමිතව තිබුණේ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

එහෙත් අද (21) හදිසියේම රැස්වූ සමගි ජන බලවේග මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ජවිපෙ තීන්දුව

ජනපතිවරයා විසින් කැදවූ සර්වපාක්ෂික සමුළුව අනිද්දා (23) පැවැත්වීමට නියමිතයි.

විපක්ෂයේ තවත් පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගී නොවීමට මේ වන විටත් තීරණය කර අවසන්.

ජනපතිවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවූයේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය විසඳුම් සෙවීමටයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 09:01