May 02, 2024

ඉන්ධන අවුලෙන් මන්ත්‍රීවරු හිරවෙයි

දිවයිනේ දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා මේ සතියේ පැමිණීම ගැටළුකාරී වී ඇතැයි වාර්තා වනවා.

ඒ ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන්.

මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් කතානායකවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව අද (22) පාර්ලිමේන්තු රැස්වීමේදීද අදහස් දැක්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර මැති ඇමැතිවරුන් රැසක්ද සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීම සදහා පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පෝලිම්වලට එක්වී සිටි බව වාර්තා වනවා.

මෙසේ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගෙන ඇති මැති ඇමැතිවරුන් අතර ඩලස් අලහප්පෙරුම, රාජිත සේනාරත්න, චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, මුජිබර් රහුමාන්, ජේ සී අලවතුවල, උදය ගම්මන්පිල, හර්ෂ ද සිල්වා යන අයද වන බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන්ට විශේෂත්වයක් දක්වා ඉන්ධන ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව මන්ත්‍රීවරු සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 09:01