April 16, 2024

සර්ව පාක්ෂික සමුළුවකට විමල්-උදය-වාසු නැහැ: කණ්ඩායම වෙනුවෙන් නියෝජිතයින් දෙදෙනෙකු යයි

එළඹෙන 23 දින ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතයි.

ඒ රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සදහායි.

සන්ධානගත කණ්ඩායම

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම එම සමුළුවට සම්බන්ධයෙන් ස්ථාවරයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායම වෙනුවෙන් නියෝජිතයින් දෙදෙනෙකු පමණක් සර්වපාක්ෂික සමුළුවට සහභාගි කරවීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව ඊට පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහභාගි වීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.

ශ්‍රීලනිප ස්ථාවරය

එම කණ්ඩායම නියෝජනය කරන දැනට කැබිනට් ඇමති ධූරයක් දරණ වාසුදේව නානයක්කාර මහතා මෙන්ම ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් ඉවත්කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් හෝ ඔවුන් නියෝජනය කරන පක්ෂවල නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී නොවිමටයි තීරණය කර තිබෙන්නේ.

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සමුළුවට සහභාගි වීමට නියමිතයි.

සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව එකගතාවයකට පැමිණියේත් ජනපතිවරයා හා ශ්‍රී.ල.නි.පය අතර කෙරුණු සාකච්ඡාවකදී.

එහිදී ජනපතිවරයා සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී.ල.නිපයට කළ ආරාධනය ශ්‍රී.ල.නි පය ඒ අවස්ථාවෙම පිළිගත්තා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 March 2022 07:38