April 28, 2024

ස.ජ.බ පෙළපාලියට පොලීසියෙන් බාධා (PHOTOS)

November 16, 2021

සමගි ජනබල වේගය මගින් කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට නොච්චියාගම ප්‍රදේශයෙන් සහභාගී වන පිරිස් රැගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදීමට අද (16) උදෑසන පොලීසිය කටයුතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති වුණා.

නොච්චියාගම නගර මධ්‍යයේ සිට මෙම පිරිස ගමන් ආරම්භ කිරීමට සුදානම්ව සිටි අවස්ථාවේදී නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පවසා සිටියේ නිසි බළධාරියකුගෙන් අවසර ගෙන නොමැති නිසා සෞඛ්‍ය නීතිවලට අනුව බස්රථ සදහා ගමන් කිරීමට  අවසර ලබා දිය නොහැකි බවයි.

මෙහිදී උරණ වු පිරිස අනුරාධපුර පුත්තලම මාර්ගය ‍හරස් කරමින් සෙසු වාහන වලටද ගමන් කිරීමට බාධා ඇති කළා. අනතුරුව විකල්ප මාර්ග යොදා ගනිමින් මාර්ගයේ ගමන් ගත්  වාහන සදහා ගමන් කිරීමට පොලීසිය කටයුතු කළා.

හිටපු අමාත්‍ය වරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර සහ හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ බුද්ධීක ගුණසේකර, නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක සමරකෝන් රත්නායක මහතාද පැමිණ පොලීසිය සමග සාකච්ඡා කලද පොලීසිය බස්රථ සදහා පිටත් වීමට අවසර ලබා නොදුන්නා.

මෙහිදී පිරිස සහ පොලීසිය අතර උණූසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා. පිරිස විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය හරස් කරමින් රැදී සිටියා.

අනතුරුව විකල්ප මාර්ගයක් ඔස්සේ කොළඹ දක්වා ගමන් කරන බව පවසා  බස් රථ නැවත හරවා ගනිමින් පිරිස පිටත්ව ගියා.

මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සාකච්ජා කළ අතර එහිදී විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර උණුසුම් තත්වයක් ද ඇති වුණා.

May be an image of 3 people, people standing and outdoors

May be an image of 6 people, people sitting, people standing and road

May be an image of 3 people, people sitting, people standing and outdoors

May be an image of 9 people, people standing and road

May be an image of 3 people, people standing and outdoors

May be an image of 4 people, people sitting, people standing and road

May be an image of 2 people and outdoors

Rate this item
(0 votes)