April 26, 2024

සැගවූ ගෑස් සොයා මෙහෙයුම් අරඹයි - ගෑස් හිඟය වෙනතකට

සැගවූ ගෑස් තොග සහ වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා පාරිභෝගික අධිකාරිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල ගෑස් අලෙවි නියෝජිතයින් ගෑස් තොග සගවා වැඩි මිලට අලෙවි කරන බවටයි පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇත්තේ. 

එමෙන්ම ඇතැම් ගෑස් නියෝජිතයින් ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500කට වඩා වැඩි මිලකට අලෙවි කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුවයි පාරිභෝගික සේවා අධිකාරිය විසින් දිවයින පුරා ඊට අදාළව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත්තේ.

ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයින්ගේ අලෙවි නියෝජිත බලපත්‍රය පවා තාවකාලිකව අත්හිටුවීමට ගෑස් සමාගම් පියවර ගෙන ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)