March 28, 2024

ඇමැති කනක හේරත්ට ප්‍රහාරයක්ද?

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.

අද උදෑසන මෙම සිදුවීම හටගෙන ඇත්තේ කෑගල්ල රංවල අලුත් පාර හංදිය ආසන්නයේදීයි.

කනක හේරත් අමාත්‍යවරයා අද උදෑසන කෑගල්ල රංවල හන්දිය පසුකර යාමේ දී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය දක්වා තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

එහිදී ගෑස් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඔහු අත තිබූ ගෑස් සිලින්ඩරයකින් අමාත්‍යවරයාගේ රථයට පහර දුන් බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 March 2022 22:33