April 20, 2024

ජනතාව ගෑස් ලොරිය වටලා ගෑස් මිලදී ගනී - ගම්වාසීන්ගෙන් සංග්‍රහයක් (PHOTOS)

මාස ගණනාවකට පසු නුවරඑළියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා, එම ලොරි රථයෙන් ගෑස් මිල දී ගැනීමට නුවරඑළිය ප්‍රදේශයේ පාරිභෝගිකයන් අද (23) කටයුතු කර තිබෙනවා.

ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් බෙදා හරිම සංධ පැමිණි එම ලොරි රථය නුවරඑළිය නගරයට ආසන්නයේ ගාල් කර තිබියදි ලාෆ් ගෑස් පාරිභෝගිකයන් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ සිටි සේවකයන්ට මුදල් ලබා දී ගෑස් ලබාගෙන ඇති බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

ලාෆ් ගෑස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු 4278 ටත්, කිලෝ 5 කුඩා ගෑස් සිලින්ඩරයක් රු 1720 මිලකටත් අලෙවි කර තිබෙනවා.

පාරිභෝගිකයන් කියා සිටින්නේ ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් වෙත තොග නිකුත් කිරිමෙන් පසු ඔවුන් වැඩි මිලට අලෙවි කරන නිසා ඔවුන් එම ලොරි රථයෙන්ම ගෑස් මිල දී ගැනිමට පියවර ගත් බවයි.

එමෙන්ම සාධාරණ අයුරින් ගෑස් ලබාදීමට පියවර ගත් නුවරඑළිය පොලිසියේ නිලධාරින්ට සහ සමාගමේ ලොරි රථයේ සේවකයන්ට ගම්වාසින් විසින් කොළ කැද සංග්‍රහයක්ද එම ස්ථානයේදි සිදු කර තිබෙනවා.

Rate this item
(1 Vote)