April 26, 2024

හෙට පැය හත හමාරක් අඳුරේ

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (29) ‘A’ සිට ‘L’ දක්වා කලාප 12 ට පැය 7 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

‘P’ සිට ‘W’ දක්වා කලාප අටකට හෙට පැය 7 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළා.

‘A’ සිට ‘L’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදුව කෙරෙනවා.

‘P’ සිට ‘W’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.30 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(1 Vote)