April 24, 2024

හෙට පැය 10ක් විදුලිය කැපෙයි

හෙට (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

A සිට L දක්වා කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබෙනවා.

එම කලාපවල උදෑසන 8.00 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවෙනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 29 March 2022 20:56