April 23, 2024

ගෑස් අලෙවි නියෝජිතයා හා ජනතාව අතර උණුසුම් තත්වයක් - පොලීසියත් මැදිහත් වෙයි (PHOTOS)

දින ගණනාවකට පසු ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද (24) දින අලුයම හැටන් ප්‍රදේශයේ අලෙවි නියෝජිතයන් වෙත සිමිත ගෑස් ප්‍රමාණයක් නිකුත් කිරීම හමුවේ එම ගෑස් සිලින්ඩර් බෙදා හැරිමේදි පාරිභෝගිකයන් සහ ගෑස් අලෙවි නියෝජිතයා අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ගෑස් අලෙවි නියෝජිතයන් වෙත ගැස් සමාගම විසින් නිකුත් කල ගෑස් තොග වලින් සිලින්ඩර් කිහිපයක් පමණක් පාරිභෝගිකයන්ට ලබා දි සෙසු ගෑස් සිලින්ඩර් කලින් මුදල් ලබාගත් අයට සහ ආපන ශාලාවලට ලබාදිය යුතු බවට පවසා අලෙවි නියෝජිත වෙලදසැල වසා දැමිමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙනවා.

හැටන් පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මැද්දේ අලෙවි නියෝජිතයා විසින් පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩර් කිහිපයක් අලෙවි කරන අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබුනේ මෙලෙසයි.

Rate this item
(0 votes)