May 01, 2024

ශ්‍රීපාද වන්දනාවට මහ පිරිසක් (PHOTOS)

සති අන්ත නිවාඩුවට අද (08) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.

එම දුම්රියන් වලින් ශ්‍රී පාදස්ථානය සංචාරය සදහා විදේශ සංචාරකයින්ද විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

අද (08) උඩරට මැණිකේ සහ පොඩි මැණික් දුම්රියෙන් ශ්‍රී පාදය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවයි දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

ශ්‍රි පාදය කරුණා කිරීමට දුම්රියෙන් පැමිණි සියළුම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණු බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 January 2022 16:11