March 29, 2024

ශ්‍රී පාදය කරුණා නොකරන්න කිව්වේ නෑ - ශ්‍රී පාදස්ථානාධිපති

කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රි පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පවසනවා.

තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බව උන්වහ්ස්න්සේ අවධාරණය කරනවා.

අද (30) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ කියා සිටියේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමේදි සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි.

දිවයිනේ අනෙකුත් ආගමික ස්ථානවලට බැතිමතුන් පැමිණෙනවා සේම ශ්‍රි පාදස්ථානයද කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් විශාල පිරිසක් සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එම වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට සමන් දේව පිහිටෙන් කිසිදු ආපදාවක් ඇති නොවු බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

 

Rate this item
(0 votes)