May 01, 2024

ඛේදවාචකයකින් අවසන් කළ සිරිපා ගමන

ශ්‍රී පාද වන්දනාවේ පිටත්ව ගිය පිරිසක් සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයෙන් කළු ගඟේ දිය නාමින් සිටියදී ජල පහරකට හසුව තිබෙනවා.

ශ්‍රී පාද රක්ෂිත ප්‍රදේශය‍ට ඊයේ පස්වරුවේ ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමග ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් පිරිස මෙම අනතුරට ලක්ව තිබෙනවා.

එහිදි එක් අයෙකුගේ දිවි බේරා ගැනිමට ප්‍රදේශවාසින්ට හැකි වු අතර අනෙක් තිදෙනා ජිවිතක්ෂයට පත්වුණා.

දිවි බේරාගත්තේ අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විමුක්ති මධුෂංකයි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණේන බැතිමතුන් පිහිටි මෙම ස්ථානය නිරන්තරයෙන් භාවිත කළද අවදානම් පුවරුවක් හෝ ප්‍රදර්ශනය කර නොමැති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වු දෙදෙනෙකු පියා සහ පුතු දෙපලක් වන අතර අනෙක් පුද්ගලයා යුද හමුදා සෙබලෙක්.

ඉන් දෙදෙනෙකුගේ මෘත ශරීර පෙරේදා රාත්‍රියේ සොයාගත් අතර අනෙක් මෘත ශරීරය ඊයේ උදෑසන සොයා ගත්තා.

සිද්ධියෙන් මියගිය පිය පුතු යුවළ අඟුරුවාතොට උඩුවර නව නිවාසහි පදිංචිකරුවන්.

40 හැවිරිදි සමන් ක්‍රිෂාන්ත සහ ඔහුගේ දෙවෙනි පුතුවන මදුරාව මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිඳු නිමසර මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා.

ජිවිතක්ෂයට පත් වු අනෙක් පුද්ගලයාද අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පනාගොඩ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සාමාන්‍ය සෙබළෙක් වූ ඔහු 23 හැවිරිදි වියේ පසු වුණා.

(යුද හමුදා සෙබළා)

(පිය පුතු දෙපළ)

Rate this item
(0 votes)