May 03, 2024

යාපනයේ පුරපතිට මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් (PHOTOS)

December 29, 2021

යාපනය මහ නගර සභාවේ සැසිවාරයේ වාර්ෂික අවසන් සැසිවාරය ඊයේ (28) දින පැවැත් වූ අවස්ථාවේදී යාපනය මහ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාගේ ප්‍රකාශයට විරෝධය පාමින් එහි නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

මහ නගර සභාවේ මාසික සභා සැසිවාරයේදී මහ නගරාධිපතිවරයා විසින් යාපනය මහ නගර සීමාව තුළ පිහිටි වෙළදසැල් වලින් හිග මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස විරෝධතාවක නිරත වුණා.

එහිදී මහ නගරාධිපතිවරයා විසින් පවසා සිටියේ යාපනය මහ නගර සීමාව තුළ පිහිටි වෙළදසැල් වෙතින් පසුගිය මාස කිහිපකම බදු මුදල් නොගෙවා පැහැර හැර ඇති අදාල සියලුම හිග මුදල් වහාම අයකරගත යුතු බවටයි.

අනතුරුව එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පා සභා සැසිවාරයෙන් නැගිට මහ නගර සභාව ඉදිරිපිටට පැමිණ විරෝධය පාමින් කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළදී කොරෝනා අවදානම යෙදීමෙන් ව්‍යාපාරිකයින්ට කිසිදු ආදායමක් නොමැතිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටි බවද මාස කිහිපයක් පුරාවට පැවති සංචරණ සීමා හේතුවෙන්ද ව්‍යාපාරිකයින්ට පාඩු විඳීමට සිදුවූ හෙයින් එම ව්‍යාපාරිකයින්ට බදු ගෙවීමේ දී කිසියම් සහනදායි වැඩපිළිවෙළක් ලබාදිය යුතු බවයි.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 15:09