May 06, 2024

නවකවදය දුරදිග යයි - යාපනයේ සිසු ගැටුමක්

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවැනි වසරේ සිසුන් සහ පළමු වසරේ සිසුන් පිරිසක් අතර ඊයේ (03) ඇති වූ ගැටුමකින් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසනවා.

විද්‍යා අංශයේ දෙවැනි වසර සිසුන් සහ පළමු වසරේ සිසුන් අතර විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක කිසියම් බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

අදාල පහරදී ගැනීම දෙවැනි වසරේ සිසුන් විසින් පළමු වසරේ සිසුන්ට නවක වදය දීමට ගත් උත්සහයකදී සිදු වූ බහින්බස් වීමක් දුර දිග යාමක් යැයි පොලීසිය සැක පල කරනවා.

අදාළ පහරදීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 January 2022 17:25