May 18, 2024

කුරුණෑගල රෝහලේ ලෙඩ ගොඩක් - රෝගීනුත් අවධානමේ

කුරුණෑගල ශික්ෂණ රෝහලට දෛනිකව රෝගීන් විශාල පිරිසක් පැමිණෙන අතර මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ගණන 100කට අධිකයි.

දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මෙහි දින කිහිපයක සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, රෝගීන් ඇතුළු බොහෝදෙනා පීඩාවට පත්ව ඇති කාරණාවක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා.

ඒ රෝහලේ ඇති කසළ දහනාගාරය අක්‍රියව පැවතීම හේතුවෙන් රෝහලේ සායනික අපද්‍රව්‍ය විශාල වශයෙන් මෙලෙස ගොඩගැසී තිබීමයි.

රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින වාට්ටු ආසන්නයේ මෙලෙස ගොඩ ගැසී ඇති සායනික අපද්‍රව්‍ය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, රෝහලේ සේවකයින් සහ රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි.

මෙම පරිශ්‍රය ආසන්නයේ මාතෘ සංකීර්ණය, තැලසීමියා ඒකකය, ළඳරු ඒකකයන්ද පවතින බැවින් මෙම සායනික අපද්‍රව්‍ය මෙලෙස ගොඩ ගැසී පැවතීම සෞඛ්‍යට තර්ජනයක්.

එහිදි අදහස් දැක්වු රෝහල් සේවකයෙක් පැවසුවේ, 

"මේ සිද්ධියත් එක්ක දැන් දවසේ පුච්චන්න පුලුවන් ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවා අපිට පුච්චන්න බෑ. ඒ හින්දා මේ කුණු ගොඩ ගැහෙනවා. සායනික අපද්‍රව්‍ය  නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කෙරෙනවා. නැවත මේ දහනාගාරය අලුත්වැඩියා කරලා හරි මේක වෙන තැනක හරි ස්ථාපනය කරන්න. එහෙම නොමැති වුණොත් මේ කුරුණෑගල හොස්පිටල් එකේ මේ අවට තියෙන්නේ මාතෘ සායනය තියෙනවා, තැලිසීමියා  සායනය තියෙනවා ප්‍රධාන ඇල මාර්ගයක් තියෙනවා." 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 January 2022 17:15