May 04, 2024

ටික්ටෝක් වීඩියෝව තරුණයාට මරු කැඳවයි

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය පටුමඟ ප්‍රදේශයේ දී දෙපිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර, පසුව තියුණු ආයුධයකින් පහරදීමෙනුයි මෙම ඝාතනය සිදුකර ඇත්තේ.

සේදවත්ත පරණ පාරේ අංක 17/1 එක විසු මොහොමඩ් අබ්දුල් ලතිප් ඊයේ (03) දහවල් කාලයේ දී ඔහුගේ සොහොයුරාට කෑම පාර්සලයක් ලබා දීම සඳහා ඔහු සේවය කරන ස්ථානයට මිතුරන් සමඟ ගොස් නැවත හේනමුල්ල ප්‍රදේශයට මිතුරන් සමඟ ගොස් තිබෙනවා.

ඒ ටික් ටොක් වීඩියෝ පටයක් පටිගත කිරීමටයි.

පසුව එතැනට පැමිණි පිරිසක් මෙම පුද්ගලයාට පිහියකින් ඇනීම නිසයි මෙම මරණය සිදු වී ඇත්තේ.

සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ලෝකයේ රටවල් කිහිපයකම මෙම ටික් ටොක් මාධ්‍ය තහනම් කර තිබීම විශේෂත්වයක් වන අතර අසල්වැසි ඉන්දියාව තුළ ද මෙය තහනම් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 January 2022 16:53