April 20, 2024

දික්වැල්ලේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට Featured

දික්වැල්ල පොලිස් වසමේ හිරිකැටිය මුහුදු වෙරළ තීරයේදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රීයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා සර්ෆ් ක්‍රීඩා පුහුණුකරුවෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 37ක්.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශණ ක්‍රියාත්මකබවයි වාර්තා වන්නේ. 

Rate this item
(2 votes)