April 27, 2024

බිරිඳ ඝාතනය කර සැමියෙකු සියදිවි හානි කර ගනියි

බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සිය දිවි හානි කර ගත් සැමියෙකු පිළිබද පුවතක් හලාවත - හාල්දඩුවන - දංවැල පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ කොස්වත්ත පොලීසියට ලද පැමිණිල්ලක් මත මිය ගොස් සිටි අඹු - සැමි යුවළගේ සිරුරු සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් වන අතර සියදිවි හානි කරගෙන ඇත්තේ 65 හැවිරිදි අයෙක්.

සිය දිවි හානි කර ගත් ස්වාමි පුරුෂයා පොල්වත්තක මුරකරුවෙකු ලෙස සේවය කළ ඉඩමේ දීර්ඝ කාලයක සිට ජීවත්ව ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සදහන් කළේ.

Rate this item
(0 votes)