April 18, 2024

පානදුර සංචාරක හෝටලයක වැසිකිලි වළක තරුණියකගේ මළ සිරුරක්

කඩවත සමාජ ශාලාවක සේවයේ නියුතු තරුණියකගේ මළ සිරුරක් පානදුර සංචාරක හෝටලයක වැසිකිලි වළකින් හමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන්  එම හෝටලයේ සේවය කරන දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් සිරුර 26 හැවිරිදි තරුණියකගේ බව පොලීසිය පැවසුවා.

අදාළ තරුණියව මීට දින කිහිපයකට පෙර පුද්ගලයෙකු විසින් කොළඹ ප්‍රදේශයේ සිට පානදුරේ පිහිටි හෝටලයට රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වන එම ස්ථානයේදී තරුණිය සමග පුද්ගලයින් තිදෙනෙක් සමීපව ඇසුරු කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.

අදාල හෝටලයේ කළමනාකරු සහ හෝටලයේ සේවකයින් දෙදෙනෙක් ඊයේ (28) අළුයම හෝටලයෙන් පැන ගොස් තිබූ අතර සේවකයින් දෙදෙනා මේ වන විට අත්අඩංගුවේ පසුවන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන පළා ගොස් සිටින හෝටලයේ කළමනාකරු ඇතුළු තිදෙනෙක් සොයා පරීක්ෂණ සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 50 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2022 21:16