April 27, 2024

දැරියන් දෙදෙනාට හදි කළ ග්‍රාම නිලධාරීවරයාට දේශපාලන රැකවරණය

දැරියන් දෙනෙකු අතවරයට ලක් කලේ යැයි කියන සිද්ධියට සම්බන්ධ අම්බලන්තොට ජංසගම ග්‍රාම නිළධාරියාට ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් රැකවරණය ලැබෙන බවට සමාජයේ කතා බහක් පවතින බව අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී විමලසිරි පෙරේරා මහතා අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ පැවැති මාසික සභා රැස්වීමේ දී සඳහන් කර තිබෙනවා.

එම කොට්ඨාශයේ මන්ත්‍රීවරයා සහ සභාවේ සභාපතිවරයා මෙම පුද්ගලයාට රැකවරණය දෙන බවට සමාජයේ පැතිර යන කතාව සභාවේ මන්ත්‍රීවරු ලෙසට අපටත් බරපතල ගැටළුවක් වන හෙයින් මෙහි සත්‍යතාවය කුමක්දැයි හෙලි කරන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලිමක් කළා.

රජයේ නිළධාරින් මෙවැනි ක්‍රියා සිදු කිරිම තරයේම හෙලා දකින බවද විමලසිරි පෙරේරා මහතා සඳහන් කළා.

මන්ත්‍රී විපුල විජයදාස මහතා සඳහන් කළේ "රාජ්‍ය නිළධාරීන් වර්තමානය වන විට මෙවැනි සිද්ධින්ට යොමු වීම දූෂිත සමාජයේ ලක්ෂණයක් හැම ක්ෂේත්‍රයක්ම අද දූෂිත භාවයට ලක්වෙලා තියෙන්නේ මේ සිද්ධියත් අපි තරයේම හෙලා දකිනවා." යනුවෙනුයි.

මන්ත්‍රී පී. ඉන්දික මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

"මාගේ කොට්ඨාශයේ සිදුවීමක් ඔය කියන චෝදනාවක් සමාජයේ එල්ල වන බව මාත් දැනුවත් වී සිටිනවා. මෙම සිද්ධියට අයත් නිළධාරීයගේ නීතිමය තත්ත්වයට මම කිසිම බලපෑමක් කරල නැහැ. මට කරන්න පුළුවන්කමක් ඇත්තෙක් නැහැ. ඔහු එදා ගරු අධිකරණයට ඉදිරිපත් කල දිනයේ මම සිටියේ කොළඹ. මෙවැනි සිද්ධි වලට අපේ කිසිම සහායක් කවරකෙනෙකුටවත් ලබා දෙන්නේ නැහැ. එම නිසා මට එල්ලවන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා."

සභාපති දර්ශන සංජිව මහතා මෙලෙස අදහස් දක්වා සිටියා,

"සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිළධාරිවරයා මීට කලෙකට ඉහත මාගේ යම් යම් පොදු වැඩ වලදී කාර්යයන් වලට සම්බන්ධ වුනා. පසු කාලීනව මම ඒවාට සම්බන්ධ කර ගත්තේ නැහැ. නීතිය ඉදිරියේ පවතින සිද්ධියක් කිසිම සහායක් ලබාදීමක් කරලත් නැහැ. ඉදිරියට කරන්නෙත් නැහැ."

 සබැඳි පුවත් - බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ග්‍රාම නිලධාරීවරයෙක් අත්අඩංගුවට

                  බාලවයස්කාර දැරියන්ට අමුතු පාඩමක් ඉගැන්වූ ග්‍රාම නිලධාරිගේ වැඩ තහනම් - කලින්ම ජනතාව දිසාපතිටත් දන්වලා

Rate this item
(0 votes)
Last modified on Friday, 11 March 2022 22:10