May 06, 2024

යාපනේ ආයුධ කල්ලිය යළි වැඩ අරඹයි - දේපල රැසකට හානි (PHOTOS)

යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ නිවසකට ඊයේ (24) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් කඩාවැදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට දේපල රැසකට දැඩි හානි කොට පලාගොස් ඇතැයි පොලීසිය පැවසුවා.

කොකුවිල් ප්‍රදේශයේ පිහිටි ආදාල නිවසට ඊයේ රාත්‍රියේ යතුරුපැදි දෙකකින් ආයුධ සමග පැමිණි පිරිසක් එකවරම කඩා වැදී නිවසේ තිබූ යතුරුපැදි දෙකක් වෙතට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කොට අනතුරුව නිවසේ නවතා තිබූ කාර් රථයකටද ආයුධ වලින් පහර දී දැඩි හානි කොට තවද නිවසේ දේපල රැසකට හානි කොට පලා ගොස් තිබෙනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නිවැසියන් නිවස තුල සැඟවී ඇති අතර නිවැසියන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතරම ප්‍රහාරය පිළිබඳව නිවැසියන් විසින් කෝපායි පොලීසියට දැනුම් දී පොලීසිය පැමිණෙන විටදී ප්‍රහාරය එල්ල කල පිරිස් පලා ගොස් තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාල ප්‍රහාරයෙන් යතුරුපැදි දෙකක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතරම දේපල රැසකට දැඩි හානි සිදුව තිබෙනවා.

පහරදීම සිදුකල පිරිස් මෙතෙක් අනාවරණය වී නොමැති අතරම කිසියම් පෞද්ගලික් හේතුවක් මත මෙම පහරදීම සිදුකරන්නනට ඇති බවද පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය සැක පල කර සිටිනවා.

Rate this item
(0 votes)