April 28, 2024

වෙළඳපොලේ භූමිතෙල් හිඟය තවදුරටත්

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් හිගයක් පවතින බව එම ඉන්ධන පිරවුම්හල් වල සේවකයින් පවසනවා.

තම ඉන්ධන පිරවුම්හල් වලට මසකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් භූමිතෙල් ලිටර් 39600 පමණක් ලබාදෙන බවත්, භූමිතෙල් වලට ඇති ඉහල ඉල්ලුම හමුවේ මේ වන විට භූමිතෙල් ලිටර් 52800 ලබාගෙන ඇති බවත්, ඒ අනුව මේ මසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් භූමිතෙල් නිකුත් නොකරන නිසා මෙම හිගය පවතින බවයි එම සේවකයින් කියා සිටින්නේ.

වෙලදපොලේ පවතින ගෑස් හිඟය සහ විදුලි අර්බුධය හමුවේ භූමිතෙල් සදහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවයි ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ නිලධාරියෙකු කියා සිටියේ.

මේ අතර දින පහකට පසු හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට එම සමාගම විසින් අද (25) දින සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හැරි අතර, එම ප්‍රමාණයට අදාල හිස් සිලින්ඩර් ආපසු ලබා ගැනිමේදි හිස් සිලින්ඩර් වල සමාගම විසින් මුද්‍රා කර තිබූ මුද්‍රාව සම්පුර්ණයෙන්ම සුද්ද කර ආපසු ලබා ගැනීමට එම සමාගම පියවර ගෙන තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 10:03