April 28, 2024

සතොසෙන් අලුත් කොන්දේසියක් - උරණ වූ ජනතාව ගුටි කෙලියක (PHOTOS)

හැටන් සතොස ශාඛාව ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි එම ශාඛාවේ කළමනාකාරවරයාට සහ සේවකයින්ට පහර දීමට උත්සහ කල සහ ශාඛාවේ වීදුරු වලට පහර දීමට උත්සහ කල පාරිභෝගිකයෙකු හැටන් පොලිසිය විසින් ඊයේ (28) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

සතොස ඉහල කළමනාකාරිත්වයේ උපදෙස් මත පාරිභෝගිකයන් විසින් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සදහා සුදුසු බෑගයක් පාරිභෝගිකයන්ට රැගෙන එන ලෙස කල දැනුම් දීමක් මත හැටන් සතොස ශාඛාව විසින් කිසිදු පාරිභෝගිකයෙකුට බෑගයක් ලබා නොදෙන අතර, ඒ පිලිබදව දැන්විමක්ද සතොස ශාඛාව ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබෙනවා.

අද (28) දින රාත්‍රි 7.00ට පමණ විදුලිය කප්පාදු කර ඇති අවස්ථාවේ හැටන් සතොස ශාඛාව වෙත පැමිණි පාරිභෝගිකයෙකු ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන එය බිල්පතට ඇතුලත් කිරිමට අයකැමි වෙත පැමිණි අවස්ථාවේ අයකැමි විසින් ලබා ගත් ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සදහා ගෙනවිත් ඇති බෑගය ඉල්ලා තිබෙනවා.

එයට උරණ වූ පාරිභෝගිකයා සතොස ශාඛාව තුල කලහකාරි ලෙස හැසිරෙමින් එම ශාඛාවේ කළමනාකාරවරයාට සහ සේවකයන්ට පහර දීමට උත්සහ කර සතොස ශාඛාවේ දේපල වලටද හානි කිරිමේ අරමුණින් වීදුරු වලට පහර දී ඇති බවයි සැකකරු අත්අඩංගුවට ගත් හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Rate this item
(0 votes)